PageRank Checker electronicsandhome ELECTRONICS and HOME: ආයුබෝවන්!

elect2

Monday, December 31, 2012

ආයුබෝවන්!

ආයුබෝවන් !
සියළුම  බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ඨවෙන වාසනාවන්ත අනාගතයක් සැමටම ප්‍රාර්ථනා කරනවා .
“තාක්ෂණික විෂය පිළිබදව දැඩි උනන්දුවක් පවතින, විදුලි හා තාක්ෂණික උපකරන ඉතා බහුලව භාවිතා කරන,මෙවන් යුගයක එම උපකරන භාවිතය හා අළුත්වැඩියා කිරීම පිළිබදව  දැණුමක් ලබාදීමත් , අප සතු තාක්ෂණික තොරතුරු හා දැණුම බෙදා හදා ගැණීමත්, අපගේ අරමුණයි.!’’
තාක්ෂණය හා අත්වැල් බැදන් ඉදිරියට යන්න. අප හා එක්වන ලෙස   
 ඔබට ආරාධනා කරනවා.


විදුලිය (Electricity) :                   
                                     පළමුවෙන්ම අපි විදුලිය (Electricity) පිළිබදව මූලික අවබෝධයක් ලබාගනිමු. විදුලිය ගමන්කරන ආකාරය අනුව ප්‍රධන කොටස් දෙකකට බෙදන්න පුලුවන්,
 (1)            ප්‍රත්‍යාවර්ථන ධාරා විදුලිය හෙවත් A.C.  විදුලිය  (Alternative Current).
             (2)            සරල ධාරා විදුලිය හෙවත් D.C.  විදුලිය (Direct Current). 
A.C. විදුලිය (Alternative Current):                                         
විදුලි ධාරාවක් ගලායාමේ විස්තාරය(Amplitude) හෙවත් විශාලත්වය බිංදුවේ සිට උපරිමය දක්වා ගොස් නැවත උපරිමයේ සිට බිංදුවට බැස අනතුරුව  එහි දිශාව වෙනස්කර බිංදුවේ සිට උපරිමය දක්වා ගොස් උපරිමයේ සිට බිංදුව දක්වා නැවත පැමිනේ. මෙසේ     සම්පූර්ණ වන එක් වටය කට A.C. විදුලියෙහි එක් චක්ක්‍රයක් (ONE CYCLE) ලෙස, හෝ හර්ට්ස් එකක්(ONE HERTZ)ලෙස හදුන්වයි.  තත්පර එකකදී මෙසේ ඇතිවන චක්ක්‍ර ගණන “සංඛ්‍යාතය ’’-(Frequency) ලෙස හදුන්වයි.. ශ්‍රී ලංකාවේ දී එය A.C. 230 V  හා  සංඛ්‍යාතය 50Hz වේ.විවිධ රටවල භාවියට ගන්නා මෙම A.C.ධාරාවන්  හර්ට්ස්  25 Hz සිට 125 Hz දක්වා වේ.
                                 සෑම විදුලි උපකරණයකම එයට සැපයිය යුතු විදුලි බලය වෝල්ට්(Volt),හා හර්ට්ස්( Hertz) ගණන සදහන් කරනු ලබයි. ඊට වෙනස් විදුලියක් සැපයීමෙන් , උපකරණ ක්‍රියාත්මක නොවීම හෝ අකාලයේ විනාශ වීම සිදුවේ.
**** A.C. විදුලිය සමග කටයුතු කිරීමේදි ආරක්ෂක ක්‍රම යොදාගත යුතු අතරම, කල්පනාකාරී වීම ඉතා වැදගත්වේ.
D.C.  විදුලිය (Direct Current): 
සරල ධාරා විදුලිය හෙවත් D.C. විදුලිය  එක දිගටම ගලායයි. එම නිසා  ධන( + ), හා ඍන( -- ) ලෙස අ ග්‍ර දෙකක් ඇත. විදුලිපන්දම් බැටරි, මෝටර් රථ බැටරි...ආදියෙ හි ඇත්තේ D.C.විදුලියයි.             ගුවන් විදුලි යන්ත්‍ර, රූපවාහිනි,ඇම්ප්ලිෆයර්,.......ආදී උපකරන ක්‍රියාත්මක වන්නේ  D.C. විදුලියෙනි. මෙම උපකරණ තුල දී A.C.විදුලිය  D.C. විදුලිය බවට හරවනු ලබනවා. වෙළදපලේ ඇති (A.C. TO D.C.3v ,4.5v ,6v ,7.5v ....).ජව ඇසුරුම්  (POWER  PACK) ද, එවැනි උපකරනයකි.
****        D.C. විදුලිය සැපයීමේ දී  “ +  “ හා “ –“ , අග්‍ර නිවැරදිව සම්බන්ද කිරීම  මෙන්ම  උපකරණයට නියමිත විදුලිය (AMPERE & VOLTAGE ) පිළිබදව ද සැලකිලිමත් විය යුතුය






No comments:

Post a Comment