PageRank Checker electronicsandhome ELECTRONICS and HOME: විදුලිය පිළිබදව පාඩම් අංක - 3

elect2

Monday, January 7, 2013

විදුලිය පිළිබදව පාඩම් අංක - 3





 
විදුලිය  පිළිබදව කටයුතු කිරීමේදී වැදගත් වනඒකක
                                    විදුලිය  පිළිබදව කටයුතු කිරීමේදී අපට හමුවන ඒකක කිහිපයක්වේ. මේ මිණුම් ඒකක පිලිබදව ඔබ දැණුවත් වන්න. ඉදිරියේදි ප්‍රයෝජනවත් වනු ඇත.
1)    වෝල්ට් ( V ) – Volt.
2)    ඇම්පියර් ( A )- Ampere.
3)     වොට්  ( W ) – Watt.
4)    ඕම්ස්  (  Ω   ) – Ohms.
                    VOLT (වෝල්ට්  ) (V )
වෝල්ට් ඒකකයෙන් මනිනු ලබන්නේ විභව අන්තරය හෙවත් විදුලියේ පීඩනයේ ප්‍රමානයයි.  ඉංග්‍රීසි වී ( V ) අකුරෙන් සංකේත කරයි.
උදා:- විදුලි පන්දම් බැටරි 1.5 v ; කාර් බැටරි 12 v ත, නිවාස වල (ප්‍රධාන) විදුලිය  220v .                                     
                                        “වෝල්ට් ඒකක් යනු ඕම් එකක ප්‍රතිරෝධයක්   තුලින් ඇම්පියර් එකක ධාරාවක් ගලා යාමට යොදන පීඩනයයි“.  
            
   මයික්‍රෝ මයික්‍රෝ වෝල්ට් 1000 =  මයික්‍රෝ වෝල්ට් 1.
                මයික්‍රෝ වෝල්ට් 1000 = මිලි වෝල්ට් 1.
                      මිලි වෝල්ට් 1000 = වෝල්ට් 1                                              වෝල්ට් 1000 = කිලෝ වෝල්ට් 1.
        කිලෝ වෝල්ට් 1000 = මෙගා වෝල්ට් 1.
                          
                             AMPERE  ( ඇම්පියර් ) (A )
ඇම්පියර් මගින් විදුලි ධාරාවේ ප්‍රමානය මනිනු ලබයි.          මෙය (A ) මගින් දක්වනු ලබයි.
ඇම්පියර් එකක් යනු, “වෝල්ට් 1 ක විදුලියක් ඕම් 1ක ප්‍රතිරෝධයක් හරහා ගමන් කරන විට ගලන විදුලි ධාරා ප්‍රමානයයි.

                                    WATT ( වොට් ) (W )
විදුලිය වැයකරන ශක්ති ප්‍රමානය (ක්ෂමතාවය ) W අක්ෂරයෙන් සලකුනු කරයි.

උදා:-   1) විදුලි බල්බ, 40 w, 60w, 75 w , 100w….
           2) ස්පීකර්... 1 w.... බල වර්ධක, විදුලි උදුන්...

                             OHMS  (ඕම්ස් )  (Ω )
                                          විදුලි ගමනට කරනු ලබන බධාවේ ප්‍රමානය.  මෙය ප්‍රතිරෝධය නමින් හදුන්වයි. ප්‍රතිරෝධය මනිනු ලබන්නේ ඕම්ස්  (OHMS ) නම් ඒකකයෙනි.
                                                      
                                1000 Ω  = 1 k Ω.
                              1000 k Ω = 1 M Ω.
                             1000 M Ω = 1 G Ω.

                       නැවත අළුත් පාඩමකින් හමුවෙමු.

No comments:

Post a Comment