
වර්තමානයේ t. v, computers, phone …… ආදි උපකරණ වල Lcd තිර බහුලව
දක්නට ලැබේ. මෙම LCD තිරය තනා
තිබෙන්නේ වීදුරු හෝ නම්යශීලි ප්ලාස්ටික් තහඩු දෙකක් අතර ද්රව ස්පටික (liquid crystal)
යෙදීමෙනි.එකිනෙකට වෙනස් විභව අන්තර යටතේ ධාරාවන් යවා මෙහි වර්ණ වෙනස් කලහැක.මෙම
හැකියාව උපයෝගී කර ගැණීමෙන් පික්සෙල්(pixel)-(තිරය ක්රියාකාරී
ඒකක)සාදනු ලබයි.මෙම පික්සෙල් මිලියන ගණනක් එක් කිරීමෙන් Lcd තිරය තනා
තිබේ.(liquid crystal display).මෙම තිරවල
පික්සල් ප්රමානය වැඩිවන තරමට තිරයේ පැහැදිලි බව (resolution-විභේදනය)වැඩිවේ.මෙම
පික්සෙල් එකක් තුල රතු, කොල,නිල් වර්ණ පෙන්වන උප පික්සෙල් අඩන්ගු අතර,ඒවා ට්රාන්සිස්ටර්
මගින් පාලනයවේ,එනම් ට්රාන්සිස්ටර් වලින් ලැබෙන සංඥා වලට අනුව පික්සෙල් වර්ණ
ගැන්වේ.
Lcd තිර සදහා ප්රධාන
වශයෙන් භාවිතා කරන ට්රාන්සිස්ටර්(තාක්ෂණය) වර්ගය ටී.එෆ.ටී (thin film transistors-T.F.T) නමින්
හදුන්වයි.මෙම තිර වර්ග දෙකක් භාවියේ පවතී.
(1)
T.N.(Twisted
Nematic):
මෙම තිර මිලෙන් අඩු අතර,ආලෝකය වැඩියෙන්
පරාවර්ථනයෙ වීම නිසා තිරය පැහැදිලි අඩුය. වර්ණ
නියමාකාරව පෙනෙන්නේතිරය ඉදිරිපස සිට කෙලින්ම බැලුවිට
පමණි.
(2)
I.P.S
(In plane Switching):
T.N. තිරවල තිබෙන දුර්වලතා
මගහැරෙන ලෙස නිපදවා ඇත.
TIP:- භාවිතා කරන ලද
LCD තිරයක් මිලදී ගන්නාවිට සුදු හා කළු back
ground image යොදා තිරය වෙන වෙනම පරික්ෂා කරන්න.(සුදු
තිරයේ කළු හෝ කළු තිරයේ සුදු..)




No comments:
Post a Comment