OHM’S LAW - ඕම් ගේ නියමය
මෙම නියමයෙන් වෝල්ටීය තාවය, ධාරාව හා ප්රථිරෝධය අතර ඇති
අන්නෝන්ය සම්බන්ධතාවය
පෙන්වයි.
විදුලිය
සමග කටයුතු කිරීමේදී ,විභවඅන්තරය,විදුලි ධාරාව,ක්ෂමතාවය,ප්රතිරෝධය, (volt
,Ampere ,Watt,
Ohms, ) ඒකක සම්බන්ධ විවිධ ගණනය කිරීම්
කිරීමට අපට සිදුවේ.ඒ සදහා ඕම්ස් නියමය ප්රයෝජනවත්වේ. ඒ සදහා යොදාගත හැකි චක්රයක්
පහත දැක්වේ.
මෙම චක්රය
උපයෝගී කරගන්නා ආකාරය බලමු.මෙහි ඇතුලත රව්මේ ඇති,
E = volt ( V
)
I = current ( A )/Ampere.
P = watt ( W )
R = Ohm ( Ω )/ Resistor
මේ
එක් එක් ඒකකය සදහා යොදාගත හැකි සූත්ර තුන බැගින් ඊට පිටතින් ඇත. අපි උදාහරන
කිපයක් බලමු.
උදාහරන 1 :-
1100 w ,
විදුලි උදුනකට අවශ්ය විදුලිය 220 v වේ.
මේ මාර්ගයට යෙදිය යුතු විලායකය ( fuse ) හි අගය Ampere කීයද ?
අප සෙවිය
යුතු වන්නේ Ampere ය.( Ampere = I ) ඇතුලත රව්මේ “ I “ කොටසට අදාලව පිටතින් ඇති කොටසින් , අප ලග ඇති තොරතුරු ( 1100
w = p , 220 v = E ) ඇත්තේ P/ E කොටසේය. මේ අනුව,
P = 1100 w
E = 220 v
I = P/ E
(චක්රය බලන්න )
එවිට, I = 1100 w / 220 v
I = 5 A .
5A fuse එකක් යෙදිය යුතුය.
උදාහරන 2 :-
12
v බැටරියකින් 3v, 0.2 A, බල්බයක් දැල්විය යුතුය. ඒ සදහා අවශය ප්රතිරොධක යේ ( Resistor ) අගය Ohms , හා watt ගණන කීයද?
*** දැල්විය යුතු
බල්බය 3v නිසා ප්රතිරොධකයේ දෙකලවර විභව අන්තරය 9 v වේ.
*** ප්රතිරොධකය හරහා
ගලන ධාරාව 0.2 A වේ. එනම්,
E =
9 V
I = 0.2 A , එම නිසා,
R =
E / I
R = 9 / 0.2
R = 45 Ω.
Resistor රෙසිස්ටරය 45 ඕම්ස්
විය යුතුය. දැන් රෙසිස්ටරයේ watt ( P ) ගණන සොයමු.
*** ප්රතිරොධකය
හරහා වෝල්ටීයතාවය = 9V
*** ප්රතිරොධකය හරහා ගලන ධාරාව = 0.2 A වේ.
එවිට,
P =
V * A
P = 9 V *
0.2 A
P = 1.8 W
1.8 W රෙසිස්ටරයක් යෙදිය යුතුය.
මෙම කරුණු ඉතා
කෙටියෙන් සදහන් උවත්, ඔබට අවබෝධ වන්නට ඇතැයි සිතමි. මේ පිලිබදව වැඩි දුරට
ඉදිරියේදී සාකච්ඡා කරමු.

Caesars Playtech Announces Acquisition of UK Online
ReplyDeleteThe 대전광역 출장마사지 company 세종특별자치 출장샵 has 태백 출장샵 been operating in the U.K. and Europe, and it 삼척 출장안마 was established in 2010. Its Malta Ltd. casino brand was founded in the United Kingdom 서울특별 출장마사지 and